ලෝකයේ චිප් නිෂ්පාදනයේ දැවැන්තයා වන Taiwan (TSMC) සහ USA රජය අතර මෑතකදී නව ඓතිහාසික ගිවිසුමක් අත්සන් කෙරුණා. මේ හරහා ඇමරිකානු ඩොලර් බිලියන ගණනක ආයෝජනයක් සිදු කරමින්, අතිනවීන Semiconductor Manufacturing Plants ඇමරිකාව තුළම ස්ථාපිත කිරීමට නියමිතයි.
මෙම වෙනස ලෝකයේ Tech ක්ෂේත්‍රයට වගේම අපේ Pocket එකට බලපාන්නේ කොහොමද කියලා අපි බලමු.
මොකක්ද මේ නව Agreement එක?
මෙම ගිවිසුම යටතේ Taiwan හි TSMC සමාගම සිය අතිනවීන 2nm සහ 3nm Chip නිෂ්පාදනය ඇමරිකාවේ Arizona ප්‍රාන්තයේ සිදු කිරීමට එකඟ වී තිබෙනවා. මෙතෙක් කල් මේවා සම්පූර්ණයෙන්ම වගේ නිෂ්පාදනය වුණේ Taiwan තුළයි. මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ලෝකයේ පවතින භූ-දේශපාලනික (Geopolitical) තත්ත්වයන් සහ chip සැපයුම් දාමයේ (Supply Chain) ආරක්ෂාව තහවුරු කර ගැනීමයි.
Current RAM සහ SSD Shortage එකට හේතුව කුමක්ද?
දැනට වෙළඳපොළේ RAM සහ SSD මිල ඉහළ යෑමට සහ හිඟයක් ඇති වීමට ප්‍රධාන හේතු කිහිපයක් තිබෙනවා:
- AI Boom: Ai Servers සඳහා විශාල වශයෙන් HBM (High Bandwidth Memory) අවශ්‍ය වීම නිසා නිෂ්පාදකයින් සාමාන්‍ය PC වලට අවශ්‍ය RAM නිෂ්පාදනය අඩු කර තිබීම.
- Production Cuts: Samsung සහ SK Hynix වැනි සමාගම් විසින් මිල පාලනය කිරීමට ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතාව (Production Capacity) සිතා මතාම අඩු කිරීම.
- NAND Flash Price Hike: SSD නිෂ්පාදනයට අවශ්‍ය NAND Flash මිල 20% කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් තිබීම.
3. මේ ගිවිසුමෙන් මිල අඩු වෙයිද? (Future Price Prediction)
නව ගිවිසුම නිසා දිගුකාලීනව වාසි ලැබුණත්, කෙටි කාලීනව මිල යම් මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
- කෙටි කාලීනව (Next 6-12 Months): නිෂ්පාදන කටයුතු ඇමරිකාව තුළ ආරම්භ වීමට තව කාලයක් ගත වන නිසා, දැනට පවතින Price Hike එක දිගටම පවතිනු ඇත. RAM සහ SSD මිල තවත් 10%-15% කින් ඉහළ යෑමේ අවදානමක් පවතී.
- දිගු කාලීනව (2025-2026): නිෂ්පාදන කටයුතු USA තුළ විසිරී යාම නිසා China-Taiwan ප්‍රශ්න වලදී සැපයුම නතර නොවේ. සැපයුම ස්ථාවර වීමත් සමඟ මිල ක්‍රමයෙන් සාමාන්‍ය මට්ටමට පැමිණෙනු ඇත.
4. Hardware Upgrade කිරීමට බලාපොරොත්තු වන අයට උපදෙස්
ඔබ PC Build එකක් හෝ Laptop Upgrade එකක් කිරීමට බලාපොරොත්තු වෙනවා නම්:
- SSD: දැනට මිල ඉහළ යමින් පවතින නිසා, පුළුවන් ඉක්මනින් මිලදී ගැනීම වාසිදායකයි.
- RAM: DDR5/DDR4 මිල තවමත් යම් අස්ථාවර මට්ටමක පවතී. නමුත් ඉදිරියේදී මිල අඩු වීමේ ලකුණු දැනට පෙනෙන්නනට නැහැ
ලෝක වෙළඳපොළේ මිල ගණන් දිනෙන් දින වෙනස් වුවත්, sltechie.lk අපි උත්සාහ කරන්නේ ලංකාවේ Gamers ලට සහ Professionals ලට සාධාරණ මිලකට හොඳම Hardware Genuine Warranty එකක් ඒක්ක ලබා දීමටයි.
ඔයාලත් මේ දවස්වල RAM එකක් හරි SSD එකක් හරි ගන්න ගිහින් මිල දැකලා හොල්මන් වුණාද?

