Intel සමාගම ඔවුන්ගේ අති නවීනතම Intel® Core™ Ultra Series 3 (Codename: Panther Lake) Processor Series එක නිල වශයෙන් නිකුත් කර තිබෙනවා. මෙය සාමාන්‍ය Processor වඩා හාත්පසින්ම වෙනස් “AI-First” අත්දැකීමක් ලබා දීමට නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.
ඔබ ඉදිරියේදී අලුත් Laptop එකක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, මේ අලුත් Series 3 ගැන දැනගත යුතුම දේවල් කිහිපයක් මෙන්න.
1. Intel 18A Process: වඩාත් වේගවත් සහ කාර්යක්ෂමයි
Series 3 Processor නිෂ්පාදනය කර ඇත්තේ Intel සමාගමේ දියුණුම තාක්ෂණයක් වන Intel 18A process එක භාවිතයෙන්. මෙයින් සිදුවන්නේ Processor කාර්යක්ෂමතාවය (Efficiency) ඉහළ යන අතරම බැටරි ආයු කාලය (Battery Life) විශාල ලෙස ඉතිරි කර දීමයි. සාමාන්‍ය භාවිතයේදී පැය 27ක් දක්වා බැටරි Life එකක් ලබා ගත හැකි බවයි Intel පවසන්නේ.
Intel ප්‍රකාශ කරන පැය 27ක බැටරි කාලය ලබාගෙන ඇත්තේ ඉතාම පාලනය (Controlled Environment) කළ පරිසරයක (1080p Video Streaming, 150 nits Brightness) සිදු කළ පරීක්ෂණ වලිනි.
- Real-world Usage: Real World Tech Reviews (PCWorld) වලට අනුව, සාමාන්‍ය Office වැඩ සහ Web Browser කිරීමේදී (Mixed workload) මේවායේ Battery Life එක පවතින්නේ පැය 12 – 15 අතර කාලයකි.
- Lunar Lake සමඟ සසඳන විට: Low Power එකකදී (Idle/Light Workload) තවමත් Lunar Lake (Series 2) වඩා කාර්යක්ෂම වන අතර, Panther Lake වැදගත් වන්නේ වැඩි Performance අවශ්‍ය වන AI සහ Heavy tasks වලදී පමණි.
2. AI වලට පණ දෙන NPU 5
දැන් කාලේ AI කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. Intel Core Ultra Series 3 වල අන්තර්ගත NPU 5 (Neural Processing Unit) එක හරහා 50 TOPS (Trillions of Operations Per Second) දක්වා වේගයකින් AI වැඩ කටයුතු සිදු කළ හැකියි. ඒ කියන්නේ Photoshop, Video Editing වගේ වැඩ වලදී AI features වෙනදාට වඩා කිහිප ගුණයකින් වේගවත් වනු ඇති බවයි.
3. Gaming වලට අලුත් පණක්: Intel Arc Xe3 Graphics
වෙනම Graphics Card එකක් නැතුව Laptop එකේ Game එකක් ගහන්න හීන දැකපු අයට මේක සුභ ආරංචියක්. මේ Processor සමග එන Intel Arc Xe3 (Battlemage) Graphics හරහා Cyberpunk 2077 වැනි ලොකු Games පවා ඉතා හොඳින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතිනවා.
සැබැයි Intel සමාගම පවසන පරිදි ඔවුන්ගේ නව Arc B390 (Xe3 Battlemage) iGPU එක RTX 4050 (Mobile) මට්ටමට සමාන බව පැවසුවද, Real World Tech Review කරන අය (PC Gamer/Tom’s Hardware) පෙන්වන්නේ වෙනස් කතාවකි.
- Real World Benchmark: Panther Lake iGPU එක 60W TDP සහිත RTX 4050 එකකට වඩා සාමාන්‍යයෙන් 10% – 15% ක් පමණ පසුපසින් සිටී.
- සන්සන්දනය: Cyberpunk 2077 (1080p Medium) වලදී Arc B390 ලබා දෙන්නේ සාමාන්‍යයෙන් 64 FPS කි. එය RTX 4050 (80+ FPS) වලට වඩා අඩු වුවද, AMD හි නවතම Radeon 890M (41 FPS) වලට වඩා 50% කට වඩා ඉදිරියෙන් සිටී.
- නිගමනය: මෙය RTX 4050 මට්ටමට “සමාන” නැතත්, මෙතෙක් බිහිවූ බලගතුම Integrated GPU එක බව නම් පැහැදිලිය.
4. නව නාමකරණය (New Naming Scheme)
මෙවර Intel විසින් “X” අකුර සහිත නව මාදිලි කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. උදාහරණයක් ලෙස:
- Core Ultra X9 / X7: වැඩි දියුණු කළ High Graphics Performance හැකියාවන් සහිත මාදිලි.
- Core Ultra 9 / 7 / 5: සාමාන්‍ය High-performance සහ High Efficiency සහිත මාදිලි.
ඔබ මෘදුකාංග ඉංජිනේරුවෙක් (Software Engineer), වීඩියෝ සංස්කරණය (Video Editor) කරන්නෙක් හෝ ගේමර් කෙනෙක් නම්, Intel Core Ultra Series 3 කියන්නේ අනිවාර්යයෙන්ම අවධානය යොමු කළ යුතු Processor එකක්. විශේෂයෙන්ම සිහින් සහ සැහැල්ලු (Thin and Light) ලැප්ටොප් වල මෙතරම් ඉහළ Performance එකක් ලැබීම තාක්ෂණික ලොව ලොකු පෙරළියක්.
Intel Core Ultra Series 3 (Panther Lake) කියන්නේ ඉතාම අලුත් තාක්ෂණයක් නිසා මුල් කාලයේදී මිල ටිකක් වැඩි වෙන්න පුළුවන්. ලෝක වෙළඳපොළේ මිල ගණන් සහ දැනට ලංකාවේ පවතින Laptop මිල ගණන් අනුව අපිට බලාපොරොත්තු විය හැකි මිල දර්ශකයක් මෙන්න.
අලුත්ම වාර්තා අනුව Intel Panther Lake ලැප්ටොප්, කලින් ආපු Lunar Lake (Series 2) මාදිලි වලට වඩා 15% – 20% පමණ මිලෙන් වැඩි විය හැකියි. ලංකාවේ බදු සහ ආනයන ගාස්තු එක්ක බැලුවොත් අපිට දළ වශයෙන් මෙන්න මේ වගේ මිල ගණන් බලාපොරොත්තු වෙන්න පුළුවන්:
| Laptop Tier | Specs (Estimated) | Expected Price (LKR) |
| Mainstream (Mid-range) | Core Ultra 5 / 16GB RAM / 512GB SSD | රු. 350,000 – රු. 420,000 |
| Premium Ultrabooks | Core Ultra 7 / 16GB or 32GB RAM / 1TB SSD | රු. 480,000 – රු. 580,000 |
| High-end / Gaming | Core Ultra X9 / RTX 50-Series GPU / 32GB RAM | රු. 650,000+ |
Intel Core Ultra Series 3 ලැප්ටොප් 2026 වසරේ මැද භාගය වන විට ශ්‍රී ලංකාවේ වෙළඳපොළට පැමිණීමට නියමිතයි. ඔබ දැනටමත් ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් AI Laptop එකක් සොයන්නේ නම්, දැනට වෙළඳපොළේ පවතින Intel Core Ultra Series 2 (Lunar Lake) මාදිලි මේ සඳහා හොඳම විසඳුමයි.
දැන්ම මිලදී ගැනීමට: ශ්‍රී ලංකාවේ අඩුම මිලට සහ විශ්වාසවන්ත වගකීමක් සහිතව Intel Core Ultra Series 2 ලැප්ටොප් ලබා ගැනීමට sltechie.lk වෙත පිවිසෙන්න.
ඔයාලත් මේ අලුත් Series 3 ගැන මොකද හිතන්නේ? පල්ලෙහා Forum එකේ මේ ගැන සාකච්ඡා කරමු!
