Global Chip Shortage: 2026 දී RAM / SSD / GPU මිල ඉහළ යන්නේ ඇයි?

Global Chip Shortage: 2026 දී RAM / SSD / GPU මිල ඉහළ යන්නේ ඇයි?

දැනට ලෝකය පුරාම RAM, SSD සහ GPU මිල ගණන් අදහාගත නොහැකි ලෙස ඉහළ යමින් පවතිනවා. තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මෙය හඳුන්වන්නේ “RAMpocalypse” ලෙසයි. කර්මාන්ත ක්ෂේත්‍රයේ වාර්තා සහ Silicon Motion හි CEO, Wallace Kou ගේ ප්‍රකාශයන්ට අනුව, 2026 වසරේදී HDD, DRAM, HBM සහ NAND යන මතක චිප් (Memory chips) වර්ග සියල්ලම දරුණු හිඟයකට ලක්ව තිබේ.

ඔබ ළඟදීම PC එකක් Build කිරීමට හෝ Laptop එකක් මිලදී ගැනීමට සිතා සිටිනවා නම්, මෙය ඔබට බලපාන ආකාරය මෙන්න.

1. ඇයි මේ මිල ගණන් මෙච්චර ඉහළ යන්නේ?

ප්‍රධානම හේතුව වන්නේ AI (කෘතිම බුද්ධිය) සඳහා ලෝකයේ ඇති වූ අසීමිත ඉල්ලුමයි.

  • AI වල “Memory Hunger”: ChatGPT, Gemini, Microsoft Copilot වැනි AI මාදිලි පුහුණු කරන NVIDIA H200 වැනි Servers වලට සාමාන්‍ය PC දහස් ගණනක ඇති RAM ප්‍රමාණය අවශ්‍ය වේ. NVIDIA, Microsoft සහ Google වැනි දැවැන්තයින් මේ Chips ලබා ගැනීමට සාමාන්‍ය පාරිභෝගිකයෙකුට වඩා දස ගුණයක (10x) මුදලක් ගෙවීමට සූදානම්ය.
  • නිෂ්පාදන ආදේශනය (Cannibalization Effect): Samsung සහ SK Hynix වැනි නිෂ්පාදකයින් සාමාන්‍ය PC RAM නිපදවනවා වෙනුවට, ඔවුන්ගේ කර්මාන්තශාලා AI වලට අවශ්‍ය HBM (High Bandwidth Memory) Chips හැදීමට යොමු කර ඇත. එක් HBM Chip එකක් සාදන ඉඩෙන් සාමාන්‍ය DDR5 RAM චිප් 3ක් සෑදිය හැකි බැවින්, සාමාන්‍ය PC RAM නිෂ්පාදනය 40-60% කින් පමණ අඩු වී තිබේ.

2. HBM4 කියන්නේ මොකක්ද? (Technical Comparison)

AI වැඩ කටයුතු සඳහා භාවිතා කරන්නේ HBM4 නම් සුවිශේෂී මතක වර්ගයකි. එය ඔබේ PC එකේ ඇති RAM එකට වඩා වෙනස් වන ආකාරය පහත වගුවෙන් බලන්න:

සාමාන්‍ය DDR5 RAM (PC)HBM4 (AI Memory)
දත්ත ගලා යන මංතීරු642,048
ප්‍රධාන භාවිතයPersonal PCs, LaptopsAI GPUs (NVIDIA H200), Data Centers
වේගයසාමාන්‍ය වේගයකිඅතිවේගී (Expressway එකක් වැනි)

සරල උදාහරණයක්: සාමාන්‍ය RAM එකක් යනු ඔබේ නිවසට යන පටු මාර්ගයක් නම්, HBM4 යනු වාහන 2,000කට එකවර ගමන් කළ හැකි මංතීරු 2,000ක අධිවේගී මාර්ගයකි.

3. ලංකාවේ මිල ගණන් වල වෙනස (LKR Price Analysis)

ලෝක වෙළඳපොළ මිල ගණන්, ඩොලර් අගයෙහි උච්චාවචනය සහ පවතින බදු ප්‍රතිපත්තිය මත පදනම් වූ දළ අනුමානයක් පහත දැක්වේ. ඩොලර් අගය රු. 315 සිට 325 මට්ටමට ඉහළ ගියහොත් මෙම මිල ගණන් තවත් වැඩි විය හැකිය.

Component2025 Oct (Avg. LKR)2026 Feb (Avg. LKR)වැඩිවීම (%)
16GB DDR5 RAM17,500 – 25,00065,000 – 80,000~240% ↑
16GB DDR4 RAM12,000 – 15,00040,000 – 45,000~215% ↑
512GB NVMe Gen414,000 – 17,50035,000 – 40,000~122% ↑
1TB NVMe Gen424,000 – 30,00065,000 – 75,000~160% ↑
RTX 5060 8GB130,000 – 135,000150,000 – 165,000~19% ↑
RTX 5070 12GB240,000 – 250,000280,000 – 300,000~18% ↑

RAM වල දරුණු ඉහළ යෑම: AI සර්වර් සඳහා ඇති අධික ඉල්ලුම නිසා සාමාන්‍ය DDR4 සහ DDR5 RAM මිල මාස 4ක් ඇතුළත 200% කට වඩා වැඩි වී ඇත.

SSD හිඟය: Phison සහ Silicon Motion පවසන පරිදි NAND Flash හිඟය නිසා 1TB SSD එකක මිල රු. 27,000 මට්ටමේ සිට රු. 70,000 සීමාවට පැමිණ තිබේ.

4. 📅 ඉදිරි කාලසටහන (Market Timeline)

  • Q1 2026: හිඟය උපරිම මට්ටමට පැමිණීම නිසා මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යයි.
  • Q2 2026: සැපයුම් ජාලය යම් තරමකට ස්ථාවර වීමට පටන් ගනී.
  • Q3-Q4 2026: යම් තරමකට ස්ථාවර වීමක් සහ එම මල ගණන් පැවතීමක් දක්නට ලැ‌.
  • 2027-2028: නව කර්මාන්තශාලා නිෂ්පාදන ආරම්භ කිරීමත් සමඟ වෙළඳපොළ යථා තත්ත්වයට පත්වීමට ඉඩ ඇත.
  • (අනාවැකියකි Real World වෙනස් වෙන්න පුලුවන්.)

5. “China RAM” විකල්පය: අවදානමක්ද? වාසියක්ද?

  • Corsair, Kingston වැනි ප්‍රධාන සන්නාමයන්හි මිල දරාගත නොහැකි මට්ටමට ඉහළ යාම නිසා, වර්තමානයේ වෙළඳපොළ තුළ Kimtigo, Gloway, Asgard වැනි චීන සන්නාම (Chinese Brands) සඳහා විශාල ඉල්ලුමක් ඇති වී තිබේ.
  • Warranty: දේශීය අලෙවිකරුවන්ගෙන් ලබාගන්නා වගකීම (Local Warranty) හැරුණු විට, ජාත්‍යන්තර මට්ටමේ වගකීමක් මේවාට හිමි නොවේ.

වාසි (Advantages): * ප්‍රධාන සන්නාමයන්ට වඩා 30% – 40% පමණ මිල අඩු වීම.

වෙළඳපොළ තුළ බහුලව ලබා ගැනීමට තිබීම (High Availability).

අවාසි සහ අවදානම් (Risks):

  • Chip Quality: බොහෝ චීන සමාගම් භාවිතා කරන්නේ ප්‍රධාන නිෂ්පාදකයින්ගෙන් ඉවතලන “B-Grade” හෝ “Recycled” Chips විය හැකියි. මෙය දිගුකාලීන පැවැත්මට (Durability) බලපායි.
  • Compatibility: සමහර චීන RAM මාදිලි Intel XMP හෝ AMD EXPO Profile සමඟ නිවැරදිව ක්‍රියා නොකිරීම නිසා පද්ධතියේ වේගය (Stability) අඩුවීමට ඉඩ ඇත. Dual Channel Configuration හි ගැටලු

6. GPU වල තත්වය

RTX 50-Series නිකුත් වුවත්, NVIDIA සහ අනෙකුත් නිෂ්පාදකයින් ඇතැම් Mid-range මාදිලි නිෂ්පාදනය සීමා කරමින් පවතිනවා.

  • හේතුව: GPU වලට අවශ්‍ය VRAM (GDDR7) චිප්ස් නිෂ්පාදනය සීමා වී තිබීමයි.
  • බලපෑම: RTX 5060 සහ 5070 වැනි ජනප්‍රිය මාදිලිවල සැපයුම (Supply) අඩු වීම නිසා වෙළඳපොළේ කෘත්‍රිම හිඟයක් ඇති වී මිල තවත් ඉහළ යා හැක.
  • 5060Ti 16GB / 5070Ti 16GB මේ වන විට Market එකෙන් හොගන්න බැරිම තත්වයක් ඇවිත් තියනවා.

7. HDD වලත් මිල වැඩි වෙලා? (The HDD Crisis)

SSD සඳහා අවශ්‍ය NAND Flash චිප්ස් හිඟ වීම නිසා, බොහෝ සර්වර් නිෂ්පාදකයින් නැවතත් Mechanical HDD (Hard Drives) වෙත යොමු වෙමින් සිටිනවා.

  • මෙය සාමාන්‍ය පාරිභෝගිකයාට අවශ්‍ය 4TB, 6TB, 8TB වැනි ඉහළ ධාරිතාවයෙන් යුත් HDD මිල ගණන් ද 20% – 40% අතර ප්‍රමාණයකින් ඉහළ නැංවීමට හේතු වී තිබේ.

8. Laptop වෙළඳපොළට අත්වූ ඉරණම

Laptop නිෂ්පාදකයින් දැන් වැඩි අවධානයක් යොමු කරන්නේ ලාභය වැඩි “High-end AI Laptops” සඳහා පමණයි.

  • Budget Laptops අතුරුදහන් වීම: රු. 200,000 ට අඩු මට්ටමේ ලැප්ටොප් වෙළඳපොළෙන් ක්‍රමයෙන් ඉවත් වෙමින් පවතිනවා.
  • RAM/SSD Impact: අලුතින් එන බොහෝ ලැප්ටොප් වල RAM soldered (බෝඩ් එකටම සම්බන්ධ කර) ඇති බැවින්, පසුව Upgrade කිරීමේ අවස්ථාව අවම වී ඇති අතර, මිලදී ගැනීමේදීම වැඩි මුදලක් වැය කිරීමට පාරිභෝගිකයාට සිදු වී ඇත.

9.ඉස්සරහට මිල ගණන් මොන වගේ වෙයිද? (Future Price Forecast)

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ ප්‍රධාන නිෂ්පාදකයින්ගේ ප්‍රකාශ උපුටා දක්වමින්, ඉදිරි මාස කිහිපය තුළ වෙළඳපොළ හැසිරෙනු ඇතැයි අපේක්ෂා කරන ආකාරය මෙන්න:

9-1. RAM සහ SSD (DRAM & NAND)

“that if the first quarter of this year is painful, really painful, then by year-end, they’ll definitely jump off a building. ” “consumer electronics are finished,” and that the market “will see a lot of victims” — Phison CEO

  • 2026 වසරේ මැද භාගය වන තෙක් මිල අඩුවීමේ ලකුණක් පෙනෙන්නට නැත. බොහෝ විට 2026 අගභාගය වන විට නව කර්මාන්තශාලා නිෂ්පාදන ආරම්භ කිරීමත් සමඟ මිල ස්ථාවර වීමට ඉඩ ඇත. එතෙක් මිල ගණන් දැනට පවතින මට්ටමේම හෝ තවත් 10% – 15% කින් ඉහළ යා හැක.(අනාවැකියකි Real World වෙනස් වෙන්න පුලුවන්.)
9-2. Gaming GPUs (RTX 50-Series)
  • NVIDIA සමාගම වැඩි අවධානයක් AI GPU (H200, B200) නිෂ්පාදනයට යොමු කර ඇති නිසා, සාමාන්‍ය Gaming GPU සැපයුම සීමා වනු ඇත. මේ නිසා RTX 5060/5070 වැනි කාඩ්පත්වල මිල විශාල ලෙස අඩු නොවන අතර, වෙළඳපොළේ Stock අවසන් වීම නිසා කෘත්‍රිම මිල ඉහළ යෑමක් (Scalping) බලාපොරොත්තු විය හැක. (අනාවැකියකි Real World වෙනස් වෙන්න පුලුවන්.)
9-3. Hard Drives (HDD)
  • SSD මිල අධික වීම නිසා මිනිසුන් නැවතත් HDD වෙත යොමු වීම හේතුවෙන්, 2025 ට වඩා 10% – 15% ක වැඩි මිලක් 2026 වසර පුරාම පවතිනු ඇත. (අනාවැකියකි Real World වෙනස් වෙන්න පුලුවන්.)
9-5. Laptops (The “Budget” Crisis)
  • ලොව ප්‍රමුඛ Laptop නිෂ්පාදකයින් (Dell, HP, ASUS, Lenovo) දැන් අවධානය යොමු කරන්නේ Premium AI PCs සඳහා පමණි. මේ නිසා රු. 200,000 ට අඩු “Budget Laptops (Core i3 / Ryzen 3)” වල ගුණාත්මකභාවය (Build Quality) අඩු වීමට හෝ එම මිල පරාසයේ ලැප්ටොප් වෙළඳපොළෙන් ඉවත් වීමට ඉඩ ඇත. 2026 අවසානය වන විට සාමාන්‍ය ලැප්ටොප් එකක ආරම්භක මිල රු. 200,000 – 250,000 සීමාවට පැමිණිය හැකිය. (අනාවැකියකි Real World වෙනස් වෙන්න පුලුවන්.)

අවසාන නිගමනය

වෙළඳපොළ දත්ත විශ්ලේෂණය කිරීමේදී පැහැදිලි වන්නේ මෙම මිල ඉහළ යාම හුදෙක් කටකතාවක් නොවන බවයි. ඔබ ඉදිරි මාස 2-3 ඇතුළත PC එකක් Upgrade කිරීමට හෝ මිලදී ගැනීමට සැලසුම් කරන්නේ නම්, තවදුරටත් බලා නොසිට අත්‍යවශ්‍ය උපාංග දැන්ම ලබා ගැනීම බුද්ධිමත් ක්‍රියාවකි. ඒවගේම ඔයාගේ දැන් තියන PC එක පුලුවන් තරම් හොදට Service & Maintenance කරලා තියාගන්න බලන්න.

ඔයා හිතන්නේ මේ මිල ගණන් ඉස්සරහට අඩුවෙයිද? නැත්නම් China RAM එකක් පාවිච්චි කරන එක මේ වෙලාවේ හොඳම විසඳුමද? පහළින් Comment කරමු!

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *