MacBook Neo: $599 (Rs. 200,000) අලුත්ම Macbook එකක්?

MacBook Neo: $599 (Rs. 200,000) අලුත්ම Macbook එකක්?

MacBook Neo: ලංකාවේ අපිට MacBook හීනයක් නෙවෙයි!

ලංකාවේ Apple ලෝලීන්ට විතරක් නෙවෙයි, අලුතින් ලැප්ටොප් එකක් ගන්න හිතාගෙන ඉන්න හැමෝටම 2026 වසරේ ලැබුණු සුපිරිම ආරංචිය තමයි මේක! මෙවර Apple සමාගම අලුත් මාවතකට යොමු වෙමින්, ඔවුන්ගේ මෙතෙක් ලාභම (Budget-friendly) Laptop එක විදිහට මේ MacBook Neo එක කරළියට එවනවා. මෙහි මිල ආරම්භ වෙන්නේ $599 කින්. ලංකාවේ මුදලින් බැලුවොත් (බදු සහ අනෙකුත් වියදම් එක්ක) මෙය රුපියල් 180,000 – 205,000 අතර මිලකට ලංකාවේ වෙළඳපොළේ දකින්න ලැබෙයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්.

Technical Specifications (තාක්ෂණික තොරතුරු)

මේ Laptop එකේ තියෙන ලොකුම විශේෂත්වය තමයි මෙයට පාවිච්චි කරලා තියෙන Chip එක. සාමාන්‍යයෙන් MacBook වල තියෙන M-series chip වෙනුවට, මෙහි තියෙන්නේ iPhone 16 Pro වලට පාවිච්චි කරපු අතිශය බලසම්පන්න A18 Pro chip එකයි.

FeatureDetails
ChipsetApple A18 Pro (6-core CPU, 5-core GPU)
Memory8GB Unified Memory
Storage256GB / 512GB SSD
Display13-inch Liquid Retina (2408 x 1506, 500 nits)
Camera1080p FaceTime HD Camera
Battery LifeUp to 16 hours
ColorsSilver, Blush (Pink), Indigo (Blue), Citrus (Yellow)

🌟 විශේෂම දේවල් (The Good Things)

මෙච්චර අඩු මිලකට දුන්නත් Apple ලා මේකේ Performance උපරිමයට දීලා තියෙනවා:

  • 🧠 Processor : මේකෙ තියෙන්නේ සාමාන්‍ය MacBook වල දකින M-series chip එකක් නෙවෙයි. හැබැයි කලබල වෙන්න එපා! අලුත්ම iPhone 16 Pro වලට බලය දෙන අතිශය වේගවත් A18 Pro chip එක තමයි මේ Laptop එකටත් යොදාගෙන තියෙන්නේ.
  • 🔋 Battery Life: පුදුම හිතෙන පැය 16ක (16 Hours) Battery Life එකක් මේකට තියෙනවා.
  • 🎥 Camera: Online Meeting වලට සහ e-Education වලට කියාපු 1080p FaceTime HD Camera එකක් මේකේ අන්තර්ගතයි.
  • 🎨 Colors: හරිම ලස්සන, අලුත්ම පාට 4කින් මේක එනවා: Silver, Blush (Pink), Citrus (Yellow), සහ Indigo (Blue).
  • 💾 Memory & Storage: Base model එකට 8GB Unified Memory එකක් සමඟ 256GB හෝ 512GB SSD එකක් ලැබෙනවා.

ලංකාවේ Campus/Office වැඩවලට මේක සුපිරි වෙන්නේ ඇයි?

  1. Portability: මෙහි බර 1.22kg (2.7 lbs) ක් වගේ හරිම අඩු ප්‍රමාණයක්. Campus යන කෙනෙක්ට හෝ Travel කරන කෙනෙක්ට Bag එකක දාගෙන ඕනෑම තැනක ගෙනියන්න හරිම ලේසියි.
  2. Battery Life: දවස පුරාම (පැය 16ක්) බැටරි එක තියෙන නිසා ඒ කියන්නේ එක පාරක් Charge කළාම දවසම Lectures වල ඉන්න Campus යන අයට Charger එක ඕන වෙන්නේ නැහැ. දවසම එහෙමෙ Travel කරන Marketing Sales කරන අයටත් මෙක සුපිරියක්.
  3. Performance: සාමාන්‍ය Microsoft Office වැඩ, Photoshop/Canva Basic Design වැඩ, සහ Web Browsing වගේ දේවල් කිසිම Lag එකක් නැතුව සුපිරියට කරගන්න පුළුවන්.
  4. Noiseless Experience: මේකෙත් අර MacBook Air වගේම Fan එකක් නැහැ (Fanless design). ඒ නිසා වැඩ කරද්දී කිසිම සද්දයක් නැහැ.

✂️ අඩු කරපු දේවල් (The Compromises)

අඩු මිලකට දෙන නිසා Apple සමාගමට අනිවාර්යයෙන්ම සමහර දේවල් කපලා අයින් කරන්න වෙලා තියෙනවා. මේවා ගැනත් ඔයා දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්:

⌨️ No Backlit Keyboard: මේක තමයි මේ Lap එකේ තියෙන ලොකුම අඩුව. රෑට Light නිවාගෙන වැඩ කරන අයට මේක ලොකු පාඩුවක් වෙයි, මොකද Keyboard එක යටින් පත්තුවෙන ලයිට් (Backlight) මේ Model එකේ නැහැ. මම දකින ලොකු පාඩුවක්.

📺 Display එක: මේකේ තියෙන්නේ සාමාන්‍ය 13″ LCD තිරයක්. අනිත් MacBook වල තියෙන සුපිරි Retina Display එක මේකේ නැහැ. ඒ වගේම Refresh Rate එක 60Hz වලට සීමා වෙනවා.

👆 Touch ID (Fingerprint): ඔයාට ලැප්ටොප් එක ඇඟිලි සලකුණෙන් අරින්න (Touch ID) ඕන නම්, ඔයා අනිවාර්යයෙන්ම 512GB Storage තියෙන මාදිලියම ගන්න ඕන. 256GB මාදිලියට ඒක නැහැ.

🔌 Ports: තියෙන්නේ USB-C ports 2ක් විතරයි. ඒකෙනුත් එකක් USB 3.0 වෙද්දී, අනිත් එක පරණ USB 2.0 තාක්ෂණයෙන් තමයි එන්නේ. ඒ නිසා Data transfer කරද්දී පොඩි වේගයේ වෙනසක් දැනෙයි.

ලංකාවට එන්නේ කවදාද?

International (Global) Market එකට 11th March ඉඳන් මේක Release කරනවා. ලංකාවේ ප්‍රධාන Apple Resellers හරහා March End or April මාසය වෙද්දී මේක අපිට මිලදී ගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්.

💡 TechTips.lk අපේ තීරණය: මේක කාටද ගැලපෙන්නේ?

ඔයා Campus යන ළමයෙක් නම්, ගෙදර ඉඳන් Office වැඩ (Word, Excel, Web Browsing) කරන කෙනෙක් නම්, මේක තමයි ඔයාගේ අතේ තියෙන සල්ලි වලට කරන්න පුළුවන් සුපිරිම ආයෝජනයක්! 🔥

ලංකාවේ අනිත් Laptop මිල එක්ක බලද්දී ලක්ෂ 2කට අඩුවෙන් අලුත්ම MacBook එකක් ගන්න ලැබෙන එක ඇත්තටම වාසියක්. හැබැයි ඔයා Professional විදියට Video Editing හෝ 3D Design කරන කෙනෙක් නම්, මේකට වඩා M-Series (M3/M4) තියෙන MacBook එකක් තෝරාගන්න එක තමයි බුද්ධිමත්.

$599 කට දෙන මේ අලුත් MacBook Neo එක ගැන ඔයා මොකද හිතන්නේ? “Backlit Keyboard” එකක් නැති එක ඔයාට ලොකු ප්‍රශ්නයක්ද? පහළින් Comment කරන්න! 👇

අවසාන වශයෙන් (Important Note)

අපි මේ කරුණු සියල්ල ඔයාලට ඉදිරිපත් කළේ Apple සමාගම දැනට නිකුත් කරලා තියෙන Official News සහ On-paper Specs පදනම් කරගෙනයි. හැබැයි අපි හැමෝම දන්නවා Real-world Experience එක කියන්නේ ඊට වඩා පොඩ්ඩක් වෙනස් දෙයක් වෙන්න පුළුවන් කියලා.

ඒ නිසා මේ MacBook Neo එක ඇත්තටම පාවිච්චි කරද්දී කොහොම වෙයිද, ඒකේ Performance කොහොමද සහ බැටරි එක කියන විදිහටම තියෙයිද කියලා හරියටම දැනගන්න නම් අපිට මේක Release වෙනකම්ම ඉවසන්න වෙනවා. එදාට අපි අනිවාර්යයෙන්ම මේ ගැන සම්පූර්ණ Review එකක් ඔයාලට අරන් එන්නම්.

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *