මොකක්ද මේ PayPal කියන්නේ? (What is PayPal?)
PayPal කියන්නේ ලෝකයේ වඩාත්ම ජනප්‍රිය සහ ආරක්ෂිතම Online Payment Gateway එකයි. සරලවම කිව්වොත්, මේක ඔයාගේ බැංකු ගිණුම සහ අන්තර්ජාලය අතර තියෙන “ඩිජිටල් පසුම්බියක්” (Digital Wallet) වගෙයි.
- ගෝලීය විශ්වාසය: රටවල් 200 කට වඩා වැඩි ප්‍රමාණයක මිලියන ගණනක් ජනයා මෙය භාවිතා කරනවා.
- ආරක්ෂාව: ඔයාගේ බැංකු කාඩ් පතේ විස්තර සෑම වෙබ් අඩවියකටම දෙන්නේ නැතිව, PayPal හරහා ආරක්ෂිතව ගෙවීම් කරන්න පුළුවන්.
පසුගිය දින කිහිපය පුරාම Facebook, TikTok සහ YouTube හරහා ලැව් ගින්නක් වගේ පැතිරෙන පුවතක් තමයි “PayPal Inward Remittance (Receive Money/ Request Money) පහසුකම ලංකාවට නිල වශයෙන් ලැබුණා” කියන එක. මේ ගැන ගොඩක් අය ලොකු බලාපොරොත්තුවක හිටියත්, මේ මොහොතේ පවතින සැබෑ තත්ත්වය මීට වඩා ගොඩක් වෙනස්…
1. දැනට පවතින සැබෑ තත්ත්වය (The Current Reality)
සමාජ මාධ්‍යවල මොන දේ කිව්වත්, මේ මොහොතේ PayPal ගිණුම් වලට තත්ත්වය…
- Send Payments: දැනටත් අපිට පුළුවන් Online Shopping, Subscriptions, Software Product & Services Buy කරන්න සහ Ads, Boosting වලට PayPal හරහා ගෙවීම් (Pay) කරන්න.
- Receive Money: විදේශයක සිට මුදල් ගෙන්වා ගැනීමේ (Receive Money / Request Money) පහසුකම නිල වශයෙන් තවමත් සක්‍රීය වී නැත. ඇතැම් අයට මේ Option එක App එක තුළ පෙනෙන්නට තිබුණත් එය තවමත් ක්‍රියාකාරි තත්ත්වයේ නැහැ.
මේ වන තෙක් PayPal සමාගම හෝ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් හෝ මුදල් අමාත්‍ය අංශය විසින් මේ සේවාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක බවට කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නැත.
2. අනතුරු ඇඟවීමක් (Warning)
මේ Social Media තුළින් මේ සම්බන්ධයෙන් විශාල ලෙස තොරතුරු සංසරණය වීමත් සමඟ ගොඩක් අය වෙනත් රටවල් (උදා: Philippines, UAE) වල විස්තර භාවිතා කරලා හෝ වැරදි තොරතුරු දීලා අලුත් ගිණුම් හදන්න උත්සාහ කරමින් පවතිනවා. PayPal තුළ දැඩි නියාමනයක් කොන්දේසි මාලාවක් පවත්වනවා මේ මගින් Address සහ IP Address Mismatched වීම නිසා ඇතිම් විට Account සම්පූර්ණයෙන්ම Ban වෙන්න පුලුවන්. අසත්‍ය තොරතුරු භාවිතා කර සාදන ලද PayPal Account අනාගත දිනක සම්පුර්ණ සේවාවන් ලැබුන දිනක නිල වශයෙන් ගිණුමක් ආරම්භ කරන්න තියන ඉඩ අවහිර විම සහ මෙවැනි තත්ත්වයක් යටතේ PayPal සමාගමට ලංකාව පළිබද වැරදි තොරතුරු ඇතුළත් වෙන්න පුලුවන්. ඔබේ ගිණුමක යම් මුදලක් තිබියදී එය තහනම් වුවහොත්, එම මුදල් නිදහස් කරගැනීමට ලංකාවේ කිසිම බැංකුවකට උදව් කළ නොහැක.
3. ඇයි ලංකාවට තාම “Receive” කරන්න බැරි?
මේ ප්‍රශ්නයට හේතුව PayPal එකේ අවුලක් නෙමෙයි, ලංකාවේ පවතින Financial Regulations, Exchange Control ලංකාවට එන විදේශ විනිමය පාලනය කිරීමේ නීති නිසා PayPal එකට ලංකාවේ බැංකු පද්ධතියත් එක්ක සෘජුව ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් CBSL මගින් පනවා ඇති විවිධ බාධා තිබුණා. AML (Anti-Money Laundering) & KYC (Know Your Customer) මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ ජාත්‍යන්තර නීති වලට ලංකාව අනුගත වීමේ ප්‍රමාදය මීට කලින් බලපෑවා.
4. PayPal ලැබුණොත් ලැබෙන වාසි (Future Benefits)
ඇත්තටම PayPal සම්පූර්ණයෙන්ම ලංකාවට ලැබුණු දවසක අපේ Digital Economy එකේ ලොකු පිපිදීමක් සිද්ධ වෙනවා.
Freelancers ලට:
- Global Access: Fiverr, Upwork සහ Direct Clients ලා සමඟ ගනුදෙනු කිරීමේදී ඇති “Payment Receive කිරීමේ ප්‍රධානම බාධාව” ඉවත් වීම.
- Invoice Tools: වෘත්තීය මට්ටමේ Invoices සහ Payment Links ක්ෂණිකව සාදා යැවීමට ඇති හැකියාව.
- Security: ගෙවීම් සම්බන්ධ ගැටලුවලදී (Disputes) ලැබෙන ආරක්ෂාව.
eCommerce සහ Startups වලට:
- Shopify Integration: ලංකාවේ නිෂ්පාදන ලෝකයටම විකුණන්න තිබෙන ලේසිම Checkout ක්‍රමය PayPal වීම.
- SaaS Growth: මාසිකව මුදල් අය කරන (Recurring Billing) ඩිජිටල් සේවාවන් ලෝකයටම විකිණීමේ හැකියාව.
- Conversion Rate: ලෝකයම විශ්වාස කරන PayPal ලාංඡනය ඔබේ වෙබ් අඩවියේ තිබීමෙන් පාරිභෝගික විශ්වාසය 200% කින් වැඩි වේ.
4. PayPal වගකීමක්!
PayPal ලැබුණා කියලා හැමෝටම සල්ලි ගලාගෙන එන්නේ නැහැ. සේවාව ලැබුණු දවසට තරගකාරීත්වය (Competition) තවත් වැඩි වෙනවා. ඒ නිසා අපි දැන් ඉඳන්ම මේ දේවල් වලට සූදානම් වෙන්න ඕනේ.
- Skill Development: තාක්ෂණය සමඟ ඔබේ වෘත්තීය නිපුණතාවය උපරිමයට නංවා ගන්න.
- AI Integration AI මගින් කරන කාර්යයන් කාර්යක්ෂම කරගනිම්න් වඩා ඉක්මන් Service එකක් ලබා දෙන්න පුලුවන් විදියට Update වෙන්න.
- Compliance & Tax: විදේශ විනිමය ගෙන්වීමේදී රජයේ නීති සහ බදු වාර්තාකරණය (Personal Tax) ගැන දැන්ම ඉගෙන ගන්න.
- Personal Branding: ජාත්‍යන්තර මට්ටමේ සේවාවක් ලබා දීමට අවශ්‍ය LinkedIn සහ Portfolio අඩවි දැන්ම සකස් කරගන්න.
සාරාංශය (Conclusion)
PayPal ලංකාවට ගේන්න අවංකවම මහන්සි වෙන හැමෝටම අපි ස්තූතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම අපේ වගකීම තමයි නිල තොරතුරක් එනකම් ඉවසීමෙන් ඉන්න එක. වැරදි ක්‍රම පාවිච්චි කරලා ඔබේ Digital Identity එක අවදානමේ දාගන්න එපා.
PayPal ලැබෙන නිල දිනය ප්‍රකාශයට පත් කළ සැනින්, ඒක නිවැරදිව කරන හැටි මුලින්ම TechTips.LK හරහා අපි ඔයාලට කියලා දෙනවා!

