පසුගිය පෙබරවාරි 25 වැනිදා San Francisco (City in California) නුවරදී පැවැත්වුණු Galaxy Unpacked Event එකේදී Samsung සමාගම ඔවුන්ගේ අලුත්ම Flagship එක වන Galaxy S26 Ultra එළිදැක්වූවා. S25 Ultra එකට වඩා මෙහි සිදුවී ඇති වෙනස්කම් සහ Sri Lankan Market එකට එද්දී මේකේ මිල කොහොම වෙයිද කියලා අද අපි විමසා බලමු.
අලුත්ම Design එක සහ “Privacy Display” මැජික් එක
S26 Ultra එකේ පෙනුම මේ පාර සෑහෙන වෙනස්. කලින් තිබුණු තියුණු කොන් (Sharp corners) වෙනුවට මඳක් වටකුරු (Rounded Corners) නිමාවක් තමයි මේ පාර ලැබිලා තියෙන්නේ.
- Zero-Peeking Privacy Display: මේක තමයි ලෝකයේ පළමු වතාවට Smartphone එකකට ආපු Hardware-Level Privacy Screen එක. ඔයා බස් එකේ හෝ කෝච්චියක යද්දී අයිනේ ඉන්න කෙනාට ඔයාගේ Screen එක පේන්නේ නැති වෙන්න පසෙකින් එන ආලෝකය අවහිර කරන තාක්ෂණයක් මෙහි තියෙනවා.
- Slimmer & Lighter: S25 Ultra එකට වඩා 0.3 mm thinner වුණු මේ ෆෝන් එකේ බර ග්‍රෑම් 214 ක් දක්වා අඩු කරලා තියෙනවා.
මේ Privacy Display තාක්ෂණය සුපිරිම වැඩක්. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන “Privacy Tempered Glass” එකක වෙන්නේ Glass එක උඩින් Layer එකක් දාලා පැත්තෙන් බලන අයට පේන එක වහන එකනේ. හැබැයි Samsung S26 Ultra එකේ මේක කරන්නේ Hardware level එකෙන්, ඒ කියන්නේ Display එකේ පික්සල් (Pixels) ඇතුළෙන්මයි. Privacy Display තාක්ෂණිකව ක්‍රියා කරන්නේ කොහොමද කියලා දැනගන්න කැමති අය අන්තිම වෙනකන් කියවන්න.
මේකෙන් අපිට තියෙන වාසිය මොකක්ද?
- On-Demand Privacy: අපිට ඕන වෙලාවට විතරක් මේක “On” කරගන්න පුළුවන් (Settings වලින්).
- Full Brightness & Quality: සාමාන්‍ය Privacy Glass එකක් දැම්මම Screen එකේ Quality එක අඩු වෙනවා, ඒත් මේ Hardware ක්‍රමයේදී Screen එකේ Quality කිසිම හානියක් වෙන්නේ නැහැ.
- Battery Saving: පාවිච්චි නොකරන pixels නිවන නිසා (Sub-pixel Masking), Privacy Mode එකේදී බැටරි එකත් ටිකක් ඉතිරි වෙන්න ඉඩ තියෙනවා.
2. Performance: Snapdragon 8 Elite Gen 5
Samsung හි නිල වාර්තා වලට අනුව සෑම වසරකම වගේ මේ පාරත් Samsung පාවිච්චි කරන්නේ ලොව බලවත්ම චිප්සෙට් එකයි.
- Processor: අලුත්ම Snapdragon 8 Elite Gen 5 Chipset එක නිසා CPU Performance 19% කින් සහ GPU Performance 24% කින් වැඩි කරලා තියෙනවා.
- RAM & Storage: 12GB RAM එක Base Model එකට එද්දී, 1TB Model එක සඳහා 16GB RAM එකක් ලබා දීලා තියෙනවා.
- Charging Speed: S25 Ultra හි තිබූ 45W වෙනුවට දැන් 60W Fast Charging තාක්ෂණය හඳුන්වා දී ඇත. මෙහි ඇති 5,000mAh බැටරිය විනාඩි 30 කින් 75% ක් දක්වා චාජ් කළ හැකිය.
3. Camera: “Low Light” රජා!
Samsung මෙවර Megapixels පසුපස හඹා යෑම වෙනුවට Sensor Quality එක වැඩි කිරීමට යොමු වී ඇත Mega-pixels ප්‍රමාණය 200MP ම වුණත්, Samsung මෙහි Sensor Aperture එක f/1.4 දක්වා වැඩි කරලා තියෙනවා.
- Aperture King: 200MP Main Sensor එකේ Aperture එක f/1.4 දක්වා වැඩි කර ඇත. මෙයින් 47% කින් වැඩි ආලෝකයක් ලබා ගන්නා නිසා රාත්‍රී කාලයේ ගන්නා ඡායාරූප (Low Light) අතිශය පැහැදිලි වේ.
- AI ProVisual Engine: අලුත්ම AI තාක්ෂණය මඟින් 100x Zoom කිරීමේදී රූපයේ තත්ත්වය (Detail) රැක ගැනීමට විශේෂ සහයක් ලබා දෙයි.
S25 Ultra vs S26 Ultra: කෙටි සැසඳීමක්:
| Feature | Galaxy S25 Ultra | Galaxy S26 Ultra |
| Chipset | Snapdragon 8 Elite | Snapdragon 8 Elite Gen 5 |
| Display | 6.9″ Dynamic AMOLED 2X | 6.9″ with Privacy Display |
| Main Camera | 200MP (f/1.7) | 200MP (f/1.4 – Best for Low light) |
| Charging | 45W Wired | 60W Super Fast Charging 3.0 |
| Corners | Sharp / Square | Ergonomic Rounded Corners |
| Weight | 218g | 214g |
Sri Lanka එද්දී මිල කීය වෙයිද? (Price & Availability)
S26 Ultra එකේ Global Price එක $1,299 (Base Model) ලෙසයි සඳහන් වෙන්නේ. ලංකාවේ TRCSL බදු, VAT සහ වර්තමාන USD අනුපාතය (රු. 315-325 මට්ටම) අනුව මිල ගණන් මෙසේ විය හැකි බව අප අනුමාන කරමු:
- S26 Ultra (256GB/12GB): Rs. 440,000 – Rs. 465,000 අතර.
- S26 Ultra (512GB/12GB): Rs. 510,000 – Rs. 575,000 අතර.
- S26 Ultra (1TB/16GB): Rs. 660,000 – Rs. 700,000 අතර.
ලංකාවට එන්නේ කවදාද? සාමාන්‍යයෙන් Global Release එකෙන් සතියක් ඇතුළත ලංකාවේ ප්‍රධාන Authorized Stores වෙත මෙම මාදිලිය පැමිණීමට නියමිතයි. ඒ අනුව March මුල් සතියේදී ඔබට මෙය ලබා ගත හැකි වනු ඇත.
අවසාන අදහස (Conclusion)
Galaxy S26 Ultra යනු හුදෙක් Speed එක වැඩි කළ ෆෝන් එකක් පමණක් නොවේ. මෙහි ඇති Privacy Display එක සහ f/1.4 Aperture කැමරාව 2026 වසරේ ස්මාර්ට්ෆෝන් ලෝකයේ නව පෙරළියක් වනු නොඅනුමානයි.
ඔබ දැනට S25 Ultra එකක් පාවිච්චි කරන්නේ නම්, 60W චාජින් සහ පෞද්ගලිකත්වය ඔබට අත්‍යවශ්‍යම නැතිනම් Upgrade වීමට හදිසි වෙන්න එපා. නමුත් S23 Ultra හෝ ඊට පැරණි මාදිලියක් භාවිතා කරන්නෙකුට නම්, මෙය අති Superb Jump එකක්.
S26 Ultra එක ගැන ඔයාලගේ අදහස මොකක්ද? පහළින් Comment එකක් දාගෙනම යමු…

Privacy Display: තාක්ෂණිකව ක්‍රියා කරන්නේ කොහොමද?
Micro-Louvers (ඩිජිටල් ජනෙල් රෙදි වගේ)
- Display එක ඇතුළේ ඉතාම කුඩා “Light Control Layers” වගයක් තියෙනවා. හරියට අපේ ගෙවල්වල තියෙන Blinders (ජනෙල් රෙදි) වගේ.
- Privacy Mode Off: එතකොට ආලෝකය හැම පැත්තටම විහිදෙනවා (Wide Angle). ඒ නිසා ඕනෑම කෙනෙකුට Screen එක පේනවා.
- Privacy Mode On: එතකොට Display එකේ Pixels වලින් පිටවන ආලෝකය කෙලින්ම ඉස්සරහට විතරක් එන විදිහට පාලනය කරනවා. එතකොට පැත්තක ඉන්න කෙනෙකුට පේන්නේ කළු පාට Screen එකක් විතරයි.
Narrow vs Wide Pixels
Samsung ලා මේ පාර Display එකට අලුත් Pixel වර්ග දෙකක් දාලා තියෙනවා.
- Wide Pixels: මේවා ආලෝකය හැමතැනටම විහිදුවනවා.
- Narrow Pixels: මේවා ආලෝකය පටු තීරුවක් විදිහට කෙලින්ම ඉස්සරහට විතරක් යවනවා. ඔයා Privacy Mode එක දාපු ගමන්, Wide Pixels නිවිලා Narrow Pixels විතරක් වැඩ කරන්න ගන්නවා. මේක හරිම High-Tech වැඩක්!
Total Internal Reflection (TIR)
මේක ටිකක් Technical කතාවක්. Display එක ඇතුළේ තියෙන Liquid Crystal Layer එකක් මඟින්, පසෙකට විහිදෙන ආලෝකය නැවත ඩිස්ප්ලේ එක තුළටම පරාවර්තනය (Reflect) කිරීමෙන් බැටරි කාර්යක්ෂමතාව රැක ගනිමින් උපරිම පෞද්ගලිකත්වයක් ලබා දෙයි.

