සාමාන්‍යයෙන් NVIDIA සමාගම අවුරුදු දෙකකට වරක් අලුත් Generation එකක් එළියට දැම්මත්, මෙවර ඒ ක්‍රමය වෙනස් වෙලා තියෙනවා. ලෝක ප්‍රකට Tech වෙබ් අඩවි කිහිපයකම පළවූ වාර්තා අනුව, ඊළඟ පරම්පරාවේ (RTX 60 Series) Gaming GPUs දකින්න ලැබෙන්නේ තව සෑහෙන කාලෙකින්.
ඔන්න ලංකාවේ Gamer ලා සහ Tech ලෝලීන් බලාපොරොත්තු නොවූ විදියේ ලොකු වෙනසක් NVIDIA සමාගම පැත්තෙන් සිද්ධ වෙන්න යනවා. විශේෂයෙන්ම ඔයා ළඟදීම අලුත් GPU එකක් ගන්න හිතාගෙන ඉන්නවා නම්, මේ විස්තරය ඔයාට ගොඩක් වැදගත් වෙයි.
මොකක්ද මේ RTX 60 Series එකට වෙන්න යන්නේ?
දැනට ලැබෙන ආරංචි මාර්ග අනුව, RTX 50 Series එකෙන් පස්සේ එන්න තියෙන RTX 60 Series එකේ Mass Production එහෙමත් නැත්නම් මහා පරිමාණ නිෂ්පාදනය 2027 අග භාගයට (Q4) හෝ 2028 මුල් භාගයට (Q1) දක්වා ප්‍රමාද වීමට ඉඩක් තිබෙනවා.
ප්‍රධාන පෙළේ වාර්තාවල මෙහෙම සඳහන් වෙනවා:
“The delay will also push back the release of Nvidia’s next-generation gaming GPU. Likely called the RTX 60 series, it was originally scheduled to begin mass production at the end of 2027, according to one of the people.
“But in December, Nvidia managers changed plans, telling employees and suppliers the company was delaying Kicker, without offering a new timeline. Nvidia managers said one reason was due to the global memory shortages, which have pushed up prices, for the company’s AI chip business, according to the two individuals.”
Source: VideoCardz
මෙයින් අදහස් වෙන්නේ 2026 වසර කියන්නේ Gaming GPU ලෝකයට ඉතාම නිශ්ශබ්ද අවුරුද්දක් වෙනවා කියන එකයි. මෙයට ප්‍රධානම හේතුව විදිහට පෙන්වා දෙන්නේ NVIDIA සමාගම මේ දිනවල ඔවුන්ගේ සම්පූර්ණ අවධානය AI (Artificial Intelligence) සහ Data Center පැත්තට යොමු කිරීමයි.
Rumors සහ “GR20X” නාමය
මේ දවස්වල Tech ලෝකයේ ප්‍රසිද්ධ Rumors (කටකතා) කිහිපයක්ම පැතිරෙනවා. විශේෂයෙන්ම මේ අලුත් Series එකට පාවිච්චි කරන්නේ “Rubin Architecture” එක බවත්, එහි ඇති GPU Dies හඳුන්වන්නේ “GR20X” නමින් බවත් කියවෙනවා. මේ කටකතා වල යම් සත්‍යතාවයක් තියෙන බව විශ්වාස කරන්න පුළුවන්, මොකද මේ තොරතුරු එන්නේ ක්ෂේත්‍රයේ විශ්වාසවන්ත තැන්වලින් නිසා.
අපි හැමෝම දන්නවා දැන් ලෝකයේ තියෙන AI Boom එක නිසා NVIDIA සමාගමට ඔවුන්ගේ Chips වලට අතිවිශාල ඉල්ලුමක් තියෙන බව. මේ නිසා Gaming GPUs වලට තියෙන අවධානය අඩුවීමත් සමඟම වෙළඳපොළේ GPU Shortage (හිඟයක්) ඇතිවෙන්න පුළුවන්.
RTX 30 හෝ RTX 40 පාවිච්චි කරන අයට අපෙන් උපදෙසක්!
- Power Protection: ලංකාවේ විදුලිය විසන්ධි වීම් සහ Voltage වෙනස්වීම් වැඩියි. ඒ නිසා ඔයාගේ PC එකට හොඳ තත්ත්වයේ UPS එකක් පාවිච්චි කරන්න.
- Regular Cleanup: දූවිල්ල නිසා GPU එක ඕනෑවට වඩා රත්වෙන්න පුළුවන්. මාස කිහිපයකට වරක් Cooling Fans සහ Heatsink පිරිසිදු කරන්න.
- Thermal Paste: ඔයාගේ GPU එක අවුරුදු 2කට වඩා පරණයි නම්, වෘත්තීය මට්ටමේ කෙනෙක් ලවා Thermal Paste අලුත් කරගැනීම (Repaste) මගින් Performance වැඩි කරගන්න පුළුවන්.
- Drivers: හැමවිටම අලුත්ම NVIDIA Game Ready Drivers පාවිච්චි කරන්න.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, අලුත් බඩු එනකම් බලන් ඉන්න එක ටිකක් අමාරු වුණත්, දැනට තියෙන PC එක පරිස්සම් කරගන්න එක තමයි බුද්ධිමත්ම වැඩේ.
මේ වගේ තවත් එසැණින් ලැබෙන Tech Updates දැනගන්න TechTips.lk අපේ Facebook Page එකත් එක්ක එකතු වෙන්න!
ඔයා දැනට පාවිච්චි කරන්නේ මොන GPU එකද? මේ ප්‍රමාදය ගැන ඔයා මොකද හිතන්නේ? පහළින් Comment එකක් දාන්න!
Note: මේ තොරතුරු තවමත් Rumors (කටකතා) මට්ටමේ පවතින බව විශේෂයෙන් මතක් කරන්න ඕනේ. තාම NVIDIA සමාගමෙන් මේ ගැන නිල නිවේදනයක් කරලා නැහැ. හැබැයි මේ වගේ පිළිගත් Tech Website වලින් මේ විස්තර එද්දී ඒකේ යම්කිසි ඇත්තක් තියෙන්න පුළුවන්.

