ලංකාවේ Fiber සහ 5G Connection වල Full Potential එක Unlock කරන Cudy AX3000 WiFi 6 Router Review එක

ලංකාවේ Fiber සහ 5G Connection වල Full Potential එක Unlock කරන Cudy AX3000 WiFi 6 Router Review එක

ලංකාවේ අපිට ISP (Internet Service Provider) කෙනෙක්ගෙන් ලැබෙන සාමාන්‍ය Router එකෙන් උපරිම Speed එකක් ගන්න බැරි බව අපි හැමෝම දන්නවා. ලංකාවේ අපිට ISP (SLT/Dialog) කෙනෙක්ගෙන් ලැබෙන Stock Router එක බොහෝ විට Wi-Fi 5 (AC) තාක්ෂණයට සීමා වූ එකක්. අපි SLT Fiber, Dialog 5G හෝ Mobitel 5G පාවිච්චි කළත්, ඔබේ Router එක outdated නම් ලැබෙන වේගයෙන් පලක් නැහැ. මෙන්න මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට Cudy AX3000 Gigabit Wi-Fi 6 Router එක හඳුන්වන්න පුළුවන්.

එවගේම දන් ලංකාවට Starlink නිල වශයෙන් පැමිණ තිබීමත් සමඟ, එම අධිවේගී අන්තර්ජාලය නිවස පුරා / Office එක පුරාවටම හොද Coverage එකක් පවත්වා ගැනීමට සහ Gaming Ping එක ස්ථාවර කර ගැනීමට Wi-Fi 6 (AX) Router එකක් ගොඩක් දෙනෙක්ට තදින්ම දැනෙනවා මේකටත් හොදම Option එකක් තමයි Cudy AX3000 Router එක.

අපි බලමු මේ රවුටරයේ තියෙන විශේෂතා මොනවාද කියලා.

1. Wi-Fi 6 වල ඇත්තම වාසිය කුමක්ද?

බොහෝ දෙනෙක් Wi-Fi 6 කියන්නේ “Speed එක වැඩි වීමක්” පමණක් කියා සිතුවත්, එහි සැබෑ වාසිය ඇත්තේ Efficiency එක.

  • OFDMA (Orthogonal Frequency Division Multiple Access): පරණ Routers වල (OFDM) Data යවන්නේ එක් වරකට එක් device එකකට පමණක් වන “ට්‍රක් රථයක්” වැනි ක්‍රමයකටය. නමුත් OFDMA මගින් එකම චැනල් එක sub-channels වලට බෙදා, එකම වෙලාවකදී Devices කිහිපයකට Data රැගෙන යාමට ඉඩ ලබා දෙයි. මින් සිදුවන්නේ Network Congestion එක අඩු වී Latency (Ping) එක ස්ථාවර වීමයි.
  • 2×2 MU-MIMO (Multi-User, Multiple-Input, Multiple-Output): සාමාන්‍ය රවුටරයක් (SU-MIMO) එක වෙලාවක කතා කරන්නේ එක් Device එකක් සමඟ පමණි. නමුත් MU-MIMO මගින් රවුටරය එකවර Streams දෙකක් හරහා Devices දෙකක් සමඟ සන්නිවේදනය කරයි. මෙය “Multi-lane” පාරක් වැනිය.
  • Beamforming: සංඥා (Signals) සියලු දිශාවලට නිකුත් කර ශක්තිය අපතේ යවනවා වෙනුවට, ඔබේ Smartphone එක හෝ Laptop/PC එක තියෙන දිශාව හඳුනාගෙන ඒ දෙසට සංඥා ඉලක්ක කිරීම (Targeting) මෙයින් සිදු වේ. මෙය බිත්ති හරහා සංඥා ගමන් කිරීමට (Wall Penetration) මහඟු පිටුවහලකි.
  • WPA3 Security: WPA2 වල තිබූ “Dictionary Attack” මගින් Password හැක් කිරීමේ හැකියාව WPA3 හි ඇති SAE (Simultaneous Authentication of Equals) තාක්ෂණය හරහා වළක්වයි.

2. Hardware & Performance

Cudy AX3000 එක ක්‍රියාත්මක වන්නේ MediaTek Filogic 820 (MT7981B) කියන 1.30GHz Dual-Core CPU එකෙනි.

  • RAM: 256MB DDR3.
  • IPv6 Support: මෙය ලංකාවේ ISP ලා දැනට ක්‍රියාත්මක කරන IPv6 roll-out එක සඳහා සම්පූර්ණයෙන්ම සූදානම්ය.

Real-World Speed Test Data (Approximate Results):

අපි අපේ Test වලදී SLT Fiber 200Mbps Line එකක් සමඟ Cudy Router එකක් Connect කර ලබා දත්ත:

  • Distance 1m (Same Room): ~195 Mbps | Ping: 2-4ms
  • Distance 5m (1 Wall): ~170 Mbps | Ping: 5-8ms
  • Distance 10m (2 Walls): ~85-110 Mbps | Ping: 12-15ms
  • Multi-device Load: Devices 12ක් එකවර වීඩියෝ බලද්දී පවා ප්‍රධාන PC එකේ Gaming Ping එකේ ලොකු වෙනසක් සිදු වූයේ නැත.

3. Gaming & Power Features

  • QoS (Quality of Service): Game එකක් Play කරද්දී ගෙදර වෙන කෙනෙක් Netflix බැලුවොත් Ping එක වැඩි වෙනවා නේද? QoS හරහා ඔබට Gaming Traffic වලට ප්‍රමුඛතාවය (Priority) ලබා දිය හැකියි.
  • Band Steering: Router එක විසින්ම තීරණය කර ඔබේ Device එකට සුදුසු Best ම 2.4GHz ද නැත්නම් 5GHz ද කියා බලීමට හැකි අතර අවශ්‍ය වෙලාවට Auto Switch වීමට හැකියාව තියනවා මේනිසා නිතරම 2.4GHz & 5GHz වලට Switch වෙන්න අවශ්‍ය නැහැ.
  • VPN Capabilities: WireGuard, OpenVPN, සහ ZeroTier වැනි protocols support කරයි. මෙය office වැඩ වලට සහ ආරක්ෂිත සන්නිවේදනයට ඉතා වැදගත්ය.

4. Competitor Comparison: මිල සහ වටිනාකම

FeatureCudy AX3000 (WR3000)TP-Link Archer AX55Xiaomi AX3000
Approx. Priceරු. 23,700 – 24,500රු. 29,000 – 31,500රු. 25,000 – 27,500
LAN Ports3x Gigabit4x Gigabit3x Gigabit
USB PortNoYes (USB 3.0)No
VPN SupportExcellent (WireGuard)ModerateBasic
Special NoteBest for Starlink
Budget Friendly
🛒

Order Now : https://sltechie.lk/product/cudy-wr3000-ax3000-gigabit-mesh-wifi-6-router-2y/

5. Practical Guide: Setup කරගන්නේ කොහොමද?

  1. Physical Connection: SLT Fiber ONT එකේ LAN Port එකේ සිට රවුටරයේ WAN (Blue) Port එකට Cable එක සම්බන්ධ කරන්න. (Cat7 or Cat6e Cable එකක් Use කරන්න)
  2. Access Web UI: Browser එකේ 192.168.10.1 ටයිප් කර Default Password එක (admin) ලබා දී ඇතුළු වන්න. (නැත්නම් Cudy App එක පාවිච්චි කරන්න).
  3. PPPoE Settings: SLT Fiber පාවිච්චි කරන්නේ නම්, “Working Mode” එක Router ලෙස තබා “PPPoE” තෝරා ඔබේ ISP ලබා දුන් Username/Password ඇතුළත් කරන්න.
  4. Starlink Setup: Starlink Ethernet Adapter එක හරහා මෙය සම්බන්ධ කර “Dynamic IP” mode එක තෝරන්න.

අවසාන තීන්දුව (TechTips Verdict)

Cudy AX3000 යනු රුපියල් 23,500කට ආසන්න මිලකට ලබාගත හැකි හොඳම Features එකතුවක් සහිත Router එකක්. USB ඡort එකක් අවශ්‍ය නැති, Stable Gaming අත්දැකීමක් සහ Starlink හෝ Fiber වල උපරිම වේගය බලාපොරොත්තු වන ලාංකික පරිශීලකයින්ට මේක Recommend කරන්න පුලුවන්.

ඔයා පාවිච්චි කරන Router එක සහ Connection එක මොකක්ද? මේ ගැන ප්‍රශ්න තියෙනවා නම් අපේ TechTips.LK Forum එකේ අහන්න!

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *