ඔන්න ලංකාවේ Gaming Community එකට 2026 දී AMD ගෙනාපු සුපිරිම Gift එකක් තමයි මේ. 2016 දී පටන් ගත්ත AM4 Socket එකට දැන් අවුරුදු 10 ක් පිරෙනවා. ඒ වෙනුවෙන් AMD එක තීරණය කරලා තියෙනවා තමන්ගේ සාර්ථකම සහ ජනප්‍රියම “Most Successful Gaming CPU” එක වුණු 5800X3D එක අලුත් මුහුණුවරකින් (AM4 10th Anniversary Edition) ආයෙත් Q2 2026 දී මාර්කට් එකට එවන්න. Leaks වලට සීමා වෙලා තිබුණු කතාව දැන් ඇත්තක් වෙලා. අපි බලමු මේ Official details එක්ක ලංකාවේ PC Builders ලට මේක කොහොමද බලපාන්නේ කියලා.
මොකක්ද මේ “10th Anniversary” කියන්නේ?
ගොඩක් අය Confuse වෙන තැනක් තමයි මේක. 5800X3D එක මුලින්ම Launch වුණේ 2022 දී. එතකොට කොහොමද අවුරුදු 10ක් වෙන්නේ? මෙතන සමරන්නේ CPU එකේ Anniversary එක නෙමෙයි, AM4 Platform එකට අවුරුදු 10ක් පිරීමයි (2016-2026).
මේක එන්නේ අමුතුම Collectible Box එකක නෙමෙයි. Original Box Design එකේම “AMD AM4 10th Anniversary Edition” කියලා Special Badge එකක් එක්ක තමයි එන්නේ. වැදගත්ම දේ තමයි, මේක චීනයට විතරක් සීමා වෙන්නේ නැතුව Global Market එකටම Release වෙනවා කියන එක.
2. Technical Specs: 100MB Cache Power එක
ඔව්, මේක තාමත් King කෙනෙක්. මෙන්න Official Specs:
| Component | Technical Specifications |
| Architecture | Zen 3 (7nm) |
| Cores / Threads | 8 Cores / 16 Threads |
| Total Cache | 100MB (32MB Native L3 + 64MB 3D V-Cache + 4MB L2) |
| Boost Clock | Up to 4.50GHz |
| Socket / Memory | AM4 / Dual-channel DDR4 Support |
| TDP | 105W |
TechTips Fact: ගොඩක් අය මේක 96MB Cache කියලා හිතන් හිටියට, ඇත්තටම Total Cache එක 100MB වෙනවා. මේකේ තියෙන 3D V-Cache තාක්ෂණය නිසා 2026 වෙද්දීත් අලුත්ම Intel Core Ultra 5 225 / 235 සහ Ryzen 5 9600X වගේ Modern Processors එක්ක Gaming Performance වලින් කරට කර හොද සටනක් දෙන්න මේකට පුළුවන්. (AAA Games වලදී

3. Market Demand සහ 5600X3D / 5500X3D ප්රශ්නය
දැනට AMD එකෙන් 5600X3D සහ 5500X3D වගේ Budget 3D V-Cache CPU ගෙනාවත්, ඒවා ගොඩක් දුරට Specific Regions (US Microcenter/China) වලට විතරක් Lock කරලා තමයි තිබුණේ. ඒ නිසා මුළු ලෝකෙම අයට මේ තාක්ෂණය ගන්න විදියක් තිබුණේ නෑ. මේ 5800X3D එකේ Global Release එක ඒ අඩුව සම්පූර්ණයෙන්ම පුරවනවා.
4. Pricing Context: මිල කොහොම වෙයිද?
මේකේ සාර්ථකත්වය තනිකරම තීරණය වෙන්නේ Pricing එක උඩයි. පොඩි History එකක් බැලුවොත්:
- Original Launch Price (2022): $449
- All-Time Low Price: $268
- Current Resale Market: Production නැවැත්තුවට පස්සේ දැන් Amazon වගේ Sites වල මේක $400 – $1000 අතර පිස්සු ගණන් වලට Resale වෙනවා.
දැන් DDR5 RAM වල ගණන් අහස උසට ගිහින් තියෙන කාලෙක, AMD එක මේ Anniversary Edition එක Competitive Price එකකට (උදාහරණයක් විදියට $250-$300 අතර) දුන්නොත්, මේක තනිකරම Market Breaker එකක් වෙනවා අනිවාර්යයි.
5. ලංකාවේ අපිට මේක කොහොමද බලපාන්නේ?
ඔයා දැනටමත් B550 හෝ X570 Motherboard එකක් පාවිච්චි කරන කෙනෙක් නම්, කිසිම දෙයක් මාරු කරන්නේ නැතුව කෙලින්ම මේ CPU එක ගෙනැල්ලා ගහන්න (Drop-in Upgrade) පුළුවන්.
දැන් කාලේ 32GB DDR5 Kit එකක් ගණන් බලද්දී, 32GB DDR4 RAM (16GBx2) තවමත් ගොඩක් ලාබයි. (දල වශයෙන් තුනෙන් එකක් වගේ) AM5 Platform එකට යන්න යන Motherboard + DDR5 RAM වියදම එක්ක බලද්දී, AM4 Board එකකට 5800X3D එකක් දාලා Build කරන එක ලොකු ලාබයක්. ඒ සල්ලි වලින් හොඳ VGA එකක් ගන්න එක තමයි 2026 දී PC එකක් හදන ලංකාවේ කෙනෙක්ට කරන්න පුළුවන් Smartest Move එක. ඒ වගේම මේ Chip එකේ Power Consumption එක ගොඩක් අඩුයි. ඒ නිසා ඔයාට ලොකු Expensive Coolers වලට වියදම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
(ලංකාට මේ CPU එක එයිද නැද්ද කියන්න තවම Official Update එකක් නැහැ නමුත් Limited Edition එකක් වෙන්නේ නැත්නම් බෙහො දුරට ඉදිරි කලයේ ලංකාවට එයි)
ඔයාලත් මේ Legend එකේ Return එක ගැන මොකද හිතන්නේ? පහළින් comment එකක් දාන්න!
