Please or Register to create posts and topics.

Antimalware Service Executable / Windows 11 Lag

මගේ Laptop එකේ 8GB RAM තියෙන්නේ. ලඟකදි ඉඳන් Windows 11 සෑහෙන්න Lag වෙනවා. Task Manager දාලා බලද්දී "Antimalware Service Executable" (Windows Defender) එකෙන් විතරක් සෑහෙන්න RAM එකක් සහ CPU එකක් ගන්නවා. මේක Disable කරන්නත් බෑ ආයෙ On වෙනවා. Windows 11 මගුල Slow නොවී Smooth කරගන්න ක්‍රමයක් දන්න කෙනෙක් කියන්නකෝ.

Bevan Fernando has reacted to this post.
Bevan Fernando

Add an Exclusion
Windows Security > Virus & threat protection > Manage settings යන්න.
පල්ලෙහාට Scroll කරලා Exclusions (Add or remove exclusions) Click කරන්න.
එතන Add exclusion දීලා File තෝරලා, C:\Program Files\Windows Defender\MsMpEng.exe කියන file එක ඇතුලත් කරන්න. (මේකෙන් වෙන්නේ Defender එක තමන්ගේම file එක ආයෙ ආයෙ Scan කර කර Loop වෙන එක නතර වෙන එක. එක පාරෙන් Usage එක අඩු වෙනවා).
Startup Apps Off Task Manager (Ctrl+Shift+Esc) ගිහින් Startup Apps Tab එකට යන්න. එතන උඹට හැමතිස්සෙම ඕන වෙන්නේ නැති Apps (Spotify, Discord, Cortana, OneDrive වගේ ඒවා) දාලා තියෙනවා නම් ඒවා Right-click කරලා Disable කරන්න. PC එක On වෙද්දී Speed On වෙයි.
Storage Sense On : Settings > System > Storage ගිහින් Storage Sense කියන එක On කරන්න. එතකොට Windows වලින්ම Background එකේ තියෙන Temporary Files automatic අයින් කරනවා.

මේ ටික කරලා බලලා වෙනසක් වුනාද බලන්න. 8GB කියන්නේ Windows 11 වලට දැන් Borderline වගේ, ඉස්සරහට පුළුවන් නම් තව 8GB එකක් ගහලා 16GB කරගන්න. Ram නම් ගනන් තමයි Bro...