Freelancers ලා, Entrepreneurs ලා සහ Tech ලෝකයේ අපි හැමෝම අවුරුදු ගණනාවක් තිස්සේ දකිපු හීනේ දැන් සැබෑ වෙලා! Global Digital Payments ගෙවීම් Platform එකක් වන PayPal සිකුරාදා (15) සිට ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කළා. PayPal නිල වෙබ් අඩවියේ “Partner Banks” ලැයිස්තුවට ශ්‍රී ලංකාව සහ අපේ ප්‍රධාන බැංකු තුනක් නිල වශයෙන් ඇතුළත් කර තිබෙනවා.
මේක “සම්පූර්ණ නිදහසක්” ලැබීමට පෙර තැබූ ඉතාමත් තීරණාත්මක සහ සාර්ථක පළමු පියවරක් ලෙස හඳුන්වන්න පුළුවන්.
🌟 මොකක්ද මේ ලැබුණු ලොකුම ජයග්‍රහණය?
PayPal වෙබ් අඩවියේ Banking Partners අංශයට ගියහොත් ඔබට දැකගත හැකි පරිදි, ලංකාවේ ප්‍රමුඛ බැංකු තුනක් දැන් එහි ලැයිස්තුගත වී තිබේ:
- Commercial Bank of Ceylon
- Sampath Bank
- Bank of Ceylon (BOC)
අපේ රටේ නම සහ මේ බැංකු පද්ධතිය ජාත්‍යන්තර PayPal ජාලය සමඟ නිල වශයෙන් “Connect” වීමම අපේ Digital ආර්ථිකයේ ලැබූ ලොකු ජයග්‍රහණයක්!

🔍 වත්මන් තත්ත්වය: අපි දැනගත යුතු කරුණු (The Ground Reality)
අපි හැමෝම මේ පුවතෙන් උද්දාමයට පත්ව සිටියත්, මෙහි වර්තමාන ක්‍රියාකාරීත්වය ගැන පුවත් වාර්තා (Daily FT සහ Newswire) පෙන්වා දෙන්නේ මෙවැනි තත්ත්වයක්:
- මූලික අදියර (Initial Rollout): දැනට ලැබෙන වාර්තා අනුව, මෙම පහසුකම මූලිකවම ක්‍රියාත්මක වන්නේ B2B (Business-to-Business) Inward Payments සඳහායි. එනම්, අපනයනකරුවන්ට (Exporters) තම ව්‍යාපාරික ගෙවීම් ලබා ගැනීම සඳහා මෙය මූලිකව විවෘත වී ඇත.
- Personal Accounts තත්ත්වය: සාමාන්‍ය පාරිභෝගිකයින්ට (Personal Users) තම ගිණුම හරහා මුදල් ලබා ගැනීමේ සම්පූර්ණ පහසුකම් (Full Functionality) ලැබීම ගැන බැංකු හෝ PayPal වෙතින් මෙතෙක් නිල ප්‍රකාශයක් (Official Statement) නිකුත් කර නැත.
- නිල තහවුරු කිරීම: බැංකු පද්ධතිය පිටුපස (Back-end Technical Part) තාක්ෂණික කටයුතු සිදු වෙමින් පවතින බව පෙනෙන්නට තිබුණත්, සාමාන්‍ය ජනතාවට මෙය විවෘත වන නිශ්චිත දිනය තවමත් නීළ වශයෙන් තහවුරැ කර නැහැ.
“Withdrawal Fees සහ Exchange Rates ගැන Sri Lanka Specific Official Breakdown එකක් PayPal හෝ Partner Banks වෙතින් තාමත් Release කරලා නෑ. Details Officially Announce වූ සැනින් Update කරන්නම්.”
දැන් අපි මොකද කරන්නේ?
අපි අඩියක් ඉස්සරහට තියලා ඉන්නේ. ඒ නිසා හදිසි වෙලා වැරදි පියවරවල් ගන්න එපා:
- Excited වෙන්න, හැබැයි ඉවසන්න: Partner List එකට බැංකු ආපු එක ගැන සතුටු වෙමු. හැබැයි බැංකු වලින් නිල වශයෙන් “දැන් ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්” කියලා කියනකම් ඉවසමු.
- ගිණුම් Link කිරීමට හදිසි නොවන්න: නිසි මගපෙන්වීමක් නැතුව දැනට තියෙන ගිණුම් වලට ලංකාවේ බැංකු තොරතුරු ඇතුළත් කරන්න ගිහින් ගිණුම් “Flag” කරගන්න එපා.
- Ready වෙලා ඉන්න: ඔයාගේ ව්‍යාපාරික ලියාපදිංචි කිරීම් (Business Registrations) සහ බැංකු ගිණුම් නිවැරදිව තබා ගන්න. මොකද අවස්ථාව ලැබුණු සැනින් වැඩේ පටන් ගන්න ඒක වැදගත්.
අද PayPal Event එකට ගිය කට්ටියගෙන් දැනගන්න ලැබුණු විස්තර අනුව:
- Withdrawal පහසුකම: දැනට Selected සෙට් එකකට Rollout වෙලා තියෙන්නේ. ඉක්මනින්ම හැමෝගෙම Personal Accounts වලට ලැබෙයිලු.
- ගාස්තු: Standard Transfers කෙලින්ම බැංකුවට ගන්නකොට කිසිම අමතර ගාස්තුවක් නැහැ (Free) කියලයි ආරංචිය.
Note: මේවා තවම official සන්නිවේදනයන් නෙවෙයි, හැබැයි සුභ ආරංචියක් ළඟදීම එන ලකුණු තියෙනවා!
👨💻 Upwork/Fiverr Freelancers ලා දැන් මොකද කරන්නේ?
ඔබ Upwork, Fiverr හෝ වෙනත් ජාත්‍යන්තර Platform එකක වැඩ කරන කෙනෙක් නම්, මේ පුවතත් එක්ක දැනට පවතින Withdrawal Methods (Payoneer/LKR Direct Withdraw) එකපාරටම වෙනස් කරන්න හදිසි වෙන්න එපා.
- දැනට තියෙන ක්‍රමය පාවිච්චි කරන්න: සම්පූර්ණ Personal PayPal Functionality එක නිල වශයෙන් ලංකාවට විවෘත වන තෙක් දැනට ඔබ මුදල් ගෙන්වා ගන්නා සාර්ථක ක්‍රමයම දිගටම පාවිච්චි කරන්න.
- ගිණුම් පිරිසිදුව තබා ගන්න: ඔබේ බැංකු ගිණුමේ KYC (පාරිභෝගික තොරතුරු) යාවත්කාලීන බව තහවුරු කරගන්න. විශේෂයෙන්ම ඔබ “Business” නාමයකින් මුදල් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා නම්, අදාළ BR (Business Registration) ලේඛන සූදානම් කර තබා ගැනීම වැදගත්.
- Fake PayPal වලින් ඉවත් වන්න: වෙනත් රටවලට (උදා: Philippines, Dubai) සාදන ලද PayPal ගිණුම් හරහා මේ අලුත් පද්ධතියට සම්බන්ධ වීමට උත්සාහ නොකරන්න. ලංකාවටම නිල ක්‍රමවේදය ලැබුණු පසු, නිවැරදි විදිහට අලුත් ගිණුමක් සෑදීම වඩාත් ආරක්ෂිතයි.
අවසාන අදහස
මේක අපිට ලැබුණු “පොඩි ආරම්භයක්” නෙමෙයි. ලෝකයේ දැවැන්තම ගෙවීම් පද්ධතියක් ලංකාවේ බැංකු සමඟ අත්වැල් බැඳ ගැනීම කියන්නේ අපේ රටේ අනාගත Freelancing සහ Digital Economy එකට ලැබුණු Green Light එකක්.
මේ හීනය සැබෑ කරන්න මහන්සි වුණු, වැඩ කරපු හැමෝටම ගොඩක් ස්තූතියි! ❤️🙌
අපි මේ දෙස ඉතාමත් බලාපොරොත්තු සහගතව බලා සිටිමු! 🇱🇰✨
ඔබේ බැංකුව මේ List එකේ තියෙනවාද? මේ පියවර ගැන ඔයාගේ අදහස මොකක්ද? පහළින් Comment එකක් දාමු! 👇

